ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් කපිල හෙන්තාවිතාරණ සහ යාපනය සහ යුරෝපා රටවල විකාශනය වන ‘ඩෑන්’ රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්ෂක එස්.එන්.කුගනාදන් යන දෙදෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ අධිකරණයේ විනිසුරුවරයා අවසරය ලබාදී ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් කපිල හෙන්තාවිතාරණට, විදේශීය බැංකු වල මුදල් තැන්පත් කර ඇති බවට චෝදනා එල්ලකර ඇත. ඔහු සමග ඒකාබද්ධ වී අයථා ලෙස මුදල් රැස්කල බවට ‘ඩෑන්’ රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්ෂක එස්.එන්.කුගනාදන්ටද චෝදනා එල්ලකර ඇත.
ඔවුන්ගේ බැංකු ගිණුම් සහ ගණුදෙනු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයා විසින් 2015.06.08 වන දින මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අවසරය ලබාදී ඇත. 2009 වර්ෂයේ සිට මේජර් ජෙනරාල් කපිල හෙන්තාවිතාරණ සහ ඔහුට හිතවත් පුද්ගලයින්ගේ මුදල්, ‘ඩෑන්’ රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්ෂක එස්.එන්.කුගනාදන්, ලැක්සන් බර්ග් හි ඇති මූල්‍ය ආයතන වල ආයෝජනය කර ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා, 2015.07.02 වන දින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව, ඩැක් රූපවාහිනියේ ප්‍රධානියාවූ එස්. එන්. කුගනාදන් මහතා රජයේ අරමුදල් ලබාගත් අයුරු සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද මොහුගේ සියලුම ගිණුම් පිළිබඳවද පරීක්ෂාවට ලක් කෙරේ.
කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ඩෑන් රූපවාහිනි ආයතනයේ විධායක අධ්යක්ෂ එස්.එච්.කුගන්දන්ගේ නමින් මූල්‍ය ආයතනවල ඇති ගිණුම් පිළිබඳ විස්තර මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ලංකාවේ සියලුම බැංකු හා මූල්‍ය ආයතනවල කළමනාකරුවන්ට පෙරේදා (8) නියෝග කළේය.
කොටි විරෝධී චැනලයක් :
ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, එස්. එන්. කුගනාදන් මහතා 2002 වසරේදී පමණ TTN (තමිල් ටෙලිවිෂන් නෙට්වර්ක්) නමින් සැටලයිට් TV ආයතනයක් ආරම්භ කර තිබු අතර, එය යුරෝපය තුල ක්‍රියාත්මක විය.
අනතුරුව එම ආයතනය එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිතවතුන් පිරිසක් විසින් 2006 වසරේදී බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින්, කුගනාදන් මහතාව ඉවත් කර තිබේ.
අනතුරුව හමුදා බුද්ධි අංශ මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්, මොහුව සම්බන්ධ කර ගනිමින්, 2007 වසරේ දී එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ‘ඩෑන් රූපවාහිනි ආයතනය’ යුරෝපය තුල ස්ථාපිත කර ඇත.
2007 වසරේදී ලංකාවට පැමිණි කුගනාදන් මහතා හමුදා බුද්ධි අංශ සමග එක්ව, එල්.ටි.ටි.ඊ. විරෝධී ප්රචාරක වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත.
ඔහු පෞද්ගලික රුපවාහිනී ආයතනයකට අයත් බලපත්‍රයක් හරහා එහි විකාශන කටයුතු සිදුකර ඇති අතර, ඊට අදාළ ගෙවීම් සිදුකර ඇත්තේ රජය විසිනි.
දේවානන්දගේ මලයත් වැඩට බසී !
මෙම වකවානුවේදී හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සිය දේශපාලන බලය යොදවා, කුගනාදන් මහතාට සහය දැක්වූ මෙරට පෞද්ගලික මාධ්‍ය ආයතනය හා සම්බන්ධ වෙමින්, සිය සොයුරා වන දයානන්ද මහතා නමින් ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කර යාපනය තුල එල්.ටි.ටි.ඊ. විරෝධී කේබල් සේවයක් ස්ථාපිත කර ඇත.
කෙසේවුවද ඉන් අනතුරුවද හමුදා බුද්ධි අංශ කුගනාදන් මහතාට දිගින් දිගටම අනුග්‍රහය දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඉතාමත් සමීප මිත්‍රයෙකු වන මේජර් ජෙනරාල් කපිල හෙන්තාවිතාරණ, විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීම සඳහා බුද්ධි මෙහෙයුම් සැලසුම් කල පුද්ගලයෙකු වේ. 2009 මැයි මස 18 වන දින සන්නද්ධ සටන අවසන් වූ පසු, විදේශ රටවල විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේදී ඔහු විශාල දායකත්වයක් ලබාදී ඇත.
ආරම්භයේ හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස සිටි ඔහු, පසුව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.
මේ වනවිට පවත්වන පරීක්ෂණ මගින්, සරණාගත දෙමළ ජනතාව මධ්‍යයට ශ්‍රී ලංකා බුද්ධි අංශ සාමාජිකයින් ඇතුළුවීම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ඉඩ ඇතැයි යන්න කොටිහිතවාදීන් බලාපොරොත්තුවෙන් පසුවේ.
මෙය තවත් මිලේනියම් සිටි සිදුවීමක් නොවීමට වග බලා ගැනීම රජයේ වගකීමයි.
Copied from
http://lanka24x7.com